| 1. |
මෝස්තර සංවර්ධන සේවා : දේශීය හා අපනයන වෙළඳපළ ඉලක්ක කර දේශීය හස්ත කර්මාන්ත කරුවන්ට හා කුඩා පරිමාණයේ කර්මාන්ත කරුවන්ට නව නිර්මාණ සංකල්ප සහ මූලාදර්ශ හදුන්වාදීම. |
| 2. |
අලෙවි ප්‍රවර්ධන සේවා : කුඩා හා මධ්‍යම පරිමාණ හස්ත කර්මාන්ත නිෂ්පාදකයින් සහ ව්‍යවසායකයින් සඳහා නව වෙළඳපළ අවස්ථා හදුන්වාදීමට අවශ්‍ය තොරතුරු සේවාවන් ලබාදීම, ප්‍රකාශන පිළියෙළ කිරිම, ගැණුම් කරුවන්ගේ හමු හා ප්‍රදර්ශන සංවිධානය කිරිම. |
| 3. |
පොදු පහසුකම් සැපයීම : නත්තරම්පොත ව්‍යාපෘති කාර්යාලය සහ මොරටුව ප්‍රධාන කාර්යාලය අනුබද්ධව වැඩහල් වලදී හස්ත කර්මාන්තකරුවන්ට පෞද්ගලිකව මිළ දී ගත නොහැකි මෙවලම් සහ උපකරණ ආදිය භාවිත කිරිමට අවකාශ ලබාදීම තුළින් හස්ත කර්මාන්ත ශිල්පින්ට පොදු පහසුකම් සැපයීම. |
| 4. |
ශිල්පීය පුහුණු : ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය සමග එක්ව වැඩ කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග සහයෝගයෙන් හස්ත කර්මාන්තකරුවන් සඳහා පුහුණු පාඨමාලා සංවිධානය කිරීම. |
| 5. |
මෝස්‌තර අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් : දැනට දිවයිනේ පවතින උග්‍ර මෝස්තර ශිල්පී හිඟය මග හරවා ගැනීමට පියවරක් ලෙස ඩිප්ලෝමා මට්ටමේ අධ්‍යාපන වැඩසටහන් සංවිධානය කිරීම. මේ සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලද එහෙත් උසස් පෙළ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම එම ක්‍ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වනන්නන්ට ද සහභාගී විය හැකි පාඨමාලාවකි. මෙහි ආරමිභක පියවර කලා ශිල්ප හා මෝස්තර පිළිබඳ පදනම් පාඨමාලාවකි. |
| 6. |
පර්යේෂණ හා සංවර්ධන : විශ්ව විද්‍යාල සහ වෙනත් පර්යේෂණ ආයතනවල සහභාගිත්වය ඇතිව හස්ත කර්මාන්ත හා සුළු පරිමාණයේ ග්‍රාමීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා ආදේශන සහ අමුද්‍රව්‍ය සකස් කිරීමේ නව ක්‍රම සොයා ගැනීම පිළිබඳව අඛණ්ඩව පර්යේෂණ කටයුතුවල නියැලීම හා ඒවායේ ප්‍රතිඵල ශිල්ප සංවර්ධන අත්පොත් ලෙස ප්‍රකාශයට පත්කිරිම. |
| 7. |
නිර්මාණාත්මක උපදේශක සේවා : රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වලින් සිදු කරනු ලබන ඉල්ලීම් වලට අනුව නිර්මාණාත්මක කාර්යයන් සඳහා අවශ්‍ය උපදේශක සේවාවන් සපයනු ලැබේ. |
ඉහත සේවාවන් ලබා ගැනීමට හෝ එම සේවාවන් පිළිබඳ වැඩි විස්තර පහත ලිපිනයන්ගෙන්, දුරකථන මගින් හෝ ෆැක්ස් මගින් ලබාගත හැක.
ජාතික මෝස්තර මධ්‍යස්ථානය ප්‍රධාන කාර්යාලය, මෝස්තර චිත්‍රාගාරය හා වැඩහල නො. 10, ද මැල් පාර, කටුබැද්ද, මොරටුව.
දුරකථන (පොදු) - 011-2607814 අධ්‍යක්ෂ (ෆැක්ස්) - 011-2626345
|
ව්‍යාපෘති කාර්යාලය, මෝස්තර චිත්‍රාගාරය හා වැඩහල කලාපුරය, නත්තරම්පොත, මහනුවර.
දුරකථන / ෆැක්ස් : 081-2420038
| |
| 4 |
පිරි නිර්මාණ විද්‍යාලය සඳහා සිසුන් බදවා ගැනීම : කලා ශිල්ප සහ හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නිෂ්පාදන කටයුතුවල නිරතව සිටින්නන් සහ පිරි නිර්මාණ (Design) ක්‍ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් සඳහා උසස් වෘත්තීය දැනුම සහ උසස් අධ්‍යාපනය ලබාදීමේ අරමුණ ඇතිව ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ පිරි නිර්මාණ විද්‍යාලය සංවිධානය කරන පාඨමාලාවන් සඳහා සිසුන් බදවා ගැනීම ආරමිභ කර ඇත. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| පිරි නිර්මාණ පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව |
| මෙම පූර්ණකාලීන පාඨමාලාව සතියේ දිනවල මොරටුව, කටුබැද්ද ප්‍රධාන කාර්යාලයේදී පවත්වන අතර, අධ්‍යයන කාලය වසර 02 කි. |
| පාඨමාලා ගාස්තු : |
|
ලියාපදිංචි කිරීමේ ගාස්තු -රු. 1000.00 පාඨමාලා ගාස්තු -රු. 33,000.00 සම්පූර්ණ මුදලම ලියාපදිංචි වීමේදී. විභාග ගාස්තු -රු. 500.00 ගෙවිය යුතුය. |
| 4 |
ප්‍රවෙශය සඳහා සුදුසුකම් : |
|
ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ කලා ශිල්ප හා මෝස්තර පිළිබඳ සහතිකපත් පදනම් පාඨමාලාව සාර්ථකව නිමකර තිබීම. |
| සියළුම විස්තර සමඟින් ඔබගේ අයදුම්පත් පහත ලිපිනයට යොමු කළ යුතුය. |
අධ්‍යක්ෂ, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, නො. 10, ද මැල් පාර, කටුබැද්ද, මොරටුව.
දුරකථන අංක : ප්‍රධාන කාර්යාලය 011-2607814, 011-2626345 මහනුවර : 081-2420038
|
|
| රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා නිර්මාණාත්මක උපදේශක සේවා සැපයීම : |
| රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල විවිධ නිර්මාණාත්මක අවශ්‍යතාවයන් සඳහා උපදේශක සේවාවන් ලබාදීම සිදුකරන අතර, මේ යටතේ ලබාදෙනු ලබන සේවාවන් රාශියක් අතරින් ප්‍රධාන ලෙස සපයන සේවාවන් පහත දැක්වේ. |
| 4 |
සම්මාන තිළිණ, පදක්කම්, ඵලක ආදිය නිර්මාණය සහ නිෂ්පාදනය. |
| 4 |
ප්‍රදර්ශන රථ, ප්‍රදර්ශන කුටි හා නිර්මාණාත්මක වේදිකා ඉදිකිරීම. |
| 4 |
තේමා තොරණ, ප්‍රදර්ශන කුළුණු, පිවිසුම් දොරටු, නාම පුවරු නිර්මාණය ඉදිකිරීම. |
| 4 |
බැනර්, ධජ, පතාක, පෝස්ටර්, ආරාධනා පත්‍ර, ලාංඡන, ලිපිශීර්ෂ, සුභපැතුම්පත් සහ වෙනත් දෘෂ්‍ය සන්නිවේදන නිර්මාණ මුද්‍රණය. |
| 4 |
අභ්‍යන්තර හා බාහිර අලංකරණ නිර්මාණය හා සැරසිලි කිරීම. |
| මෙම නිර්මාණාත්මක උපදේශක සේවාවන් පිළිබඳ විස්‌තර දුරකථන අංක 011-2607814 ඔස්සේ මෝස්තර අංශයෙන් හෝ අලෙවි අංශයෙන් ලබා ගත හැක. |