| 1. |
ප්‍රවීන ගුරු ශිල්පීන් මගින් දිවයින පුරා ගුරු ශිල්පි පන්ති ක්‍රියාත්මක කර තරුණ තරුණියන් හස්ත කර්මාන්ත ශිල්පීන් වශයෙන් ස්වයංරැකියා ගැන්වීම. |
| 2. |
රැකියා විරහිත තරුණ කණ්ඩායම් කෙටිකාලීන පුහුණු වැඩසටහන් මඟින් පුහුණු කර හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍ර වල පුහුණු කරවීම. |
| 3. |
සුනාමි ව්‍යවසනයට පත් දකුණු පළාත් හස්ත කර්මාන්ත ශිල්පීන්ට අලෙවි අවස්ථා වැඩිකිරීමේ සහ පුහුණු අවශ්‍යතාවයන් සපුරාලීමේ පරමාර්ථයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ, රුපියල් මිලියන 8.5 ක වියදමින් ගාල්ල කොටුවේ පැරණි මැතිවරණ කොමසාරිස් කාර්යාල ගොඩනැගිල්ල අලුත්වැඩියා කර හස්ත කර්මාන්ත මධ්‍යස්ථානයක් පිහිටුවීම. |
| 4. |
හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නිර්මාණ කරුවන් සඳහා අලෙවි පහසුකම් ලබාදීම හා දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ මෙරට ජනතාව තුළ ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන පළාත් ප්‍රදර්ශන හා අලෙවි සල්පිල් පැවැත්වීම.
|
|
|
පරිසර හිතකාමි අත්කම් අළෙවි ප්‍රදර්ශන |
|
දිරාපත් නොවන ද්‍රව්‍යයක් වන පොලිතින් මගින් මේ වන විට පරිසරයට සිදුකර ඇති හානිදායක තත්වය හමුවේ ඊට විකල්පයක් ලෙස සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි, දිරාපත්ව යන අමුද්‍රව්‍ය වලින් භාණ්ඩ නිෂ්පාදනය සඳහා දැඩි අවධානයක් යොමුවෙමින් පවතී. එම සංකල්පය තවදුරටත් මහජනතාව වෙත රැගෙන යාමටත්, හස්ත කර්මාන්ත නිෂ්පාදනයන් හි අගය සමාජය කරා රැගෙන යාමටත් මෙම අත්කම් ප්‍රදර්ශනය තුලින් අරමුණු කෙරේ.
පරිසරයට හානිකර නොවන දිරාපත්ව යන ස්වභාවික අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් ඇසුරුම් සහ අනෙකුත් උපයෝගි භාණ්ඩ නිෂ්පාදනය කොට ප්‍රදර්ශනය සහ අළෙවිය සඳහා ඉදිරිපත් කර තිබුණි. විශේෂයෙන්ම පන්, ඉඳිකොළ, තල් කොළ, නාවපට්ටා, කෙසෙල් කෙඳි, හණ, පොල් මටළු, මැටි, ලාක්ෂා, සම් සහ දැව ආදී අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් කළ හස්ත කර්මාන්ත නිෂ්පාදන සඳහා විශේෂ අවධානයක් ලබා දී තිබූණි.
|
|
|
ප්‍රදර්ශන අළෙවි සල්පිල තුලින් ලද විශේෂිත ජයග්‍රහණ |
|
1. |
වැව් අමුණු වලට හානි කරවූ ජපන් ජබර වැනි ශාඛා විශේෂ උපයෝගි කරගෙන පරිසරයට හිතකාමි ඇසුරුම් නිපදවීම ප්‍රචලිත වීම. |
|
2. |
ශිල්පීන් සඳහා දීර්ඝකාලීන ඇණවුම් විශාල වශයෙන් ලැබීම. |
|
|
|
| 02. |
සමෘද්ධිමත් ගම |
|
හස්ත කර්මාන්ත ශිල්පීන් විසින් භාවිතා කරනු ලබන ස්‌වභාවික අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගැනීම සඳහා එම අමුද්‍රව්‍ය සුලබ කිරීමේ පරමාර්ථයෙන් දීප ව්‍යාප්තව අමුද්‍රව්‍ය වගාවන් ආරම්භ කර ඇත.
|
අමුද්‍රව්‍ය වර්ගය |
පැල සංඛ්‍යාව |
ස්ථානය |
|
පන් |
83000 |
ඇහැළියගොඩ පොහොරහාව ගම්මානය |
|
පන් |
100000 |
පානදුර වෙලාපුර ගම්මානය |
|
නාවා |
2000 |
කුරුණෑගල ලෙව්දෙනිය ගම්මානය |
|
උණ |
500 |
වයඹ පළාත |
|
මැහෝගනී |
200 |
වයඹ පළාත |
|
තේක්ක |
500 |
දකුණු පළාත |
|
උණ |
500 |
මධ්‍යම පළාත |
|
මැහෝගනී |
250 |
මධ්‍යම පළාත |
|
මැහෝගනී |
250 |
බස්නාහිර පළාත | |
|
|
|
| 03. |
ජ්‍යෙෂ්ඨ පුරවැසි බුහුමන් |
|
මෙම වැඩ සටහන යටතේ කාලාන්තරයක් තිස්සේ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා ගැටළුවක්ව පැවති විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හා රක්ෂණ ක්‍රමයක් "සිප් සවිර" නමින් දියත් කිරීම, මෙම වසර තුළ ලද විශේෂ ජයග්‍රහණයකි. ඒ අනුව සමාජ ආරක්ෂණ මණ්ඩලය සමඟ ක්‍රියාත්මක කල "සිප් සවිර" විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා දැනට ශිල්පීන් රාශියක් දායක වී ඇත. මෙහි සමාරම්භක අවස්ථාව 2006.08.11 වන දින මහවැලි කේන්ද්‍රය ශ්‍රවණාගාරයේදී ග්‍රාමීය කර්මාන්ත හා ස්වයංරැකියා ප්‍රවර්ධන ගරු අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. එහිදී ශිල්පීන් 200 දෙනෙකුට ඔප්පු ප්‍රදානය කරන ලදී.
4 “ශිල්ප ” හස්ත කර්මාන්ත ප්‍රදර්ශනවල ජයග්‍රාහි ශිල්පීන් ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී ස්වර්ණ, රජත, ජාතික සහ කුසලතා සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත.
4 ශිල්ප ” විස්‌කම් දෑතට සවිය හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමිව පළාත් කර්මාන්ත අමාත්‍යාංශ සහ ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව පළාත් ප්‍රදර්ශන පවත්වනු ලබයි.
|
|
මෙතෙක් පැවති සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍ර වලින් ඔබ්බට ගොස් පහත ආකාරයට නිර්මාණ කරුවන්ට මෙම ප්‍රදර්ශනවලට සහභාගි වීමේ අවස්ථා පුළුල් කර ඇත. |
| 4 |
සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත |
| 4 |
සමකාලීන අංශය |
| 4 |
පාසල් ඇගයීම් අංශය |
| 4 |
විශිෂ්ඨ ශිල්පීන්ගේ කෘතීන් |
|
|
|
| 04. |
අතීත අභිමන් හෙටටත් |
| 4.1 |
පාරම්පරික හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍ර 11 පිළිබඳව පර්යේෂණ ග්‍රන්ථ හා සංයුක්ත තැටි එළි දැක්වීම. |
|
පරපුරෙන් පරපුරට රැක ගනිමින් මේ දක්‌වා රැගෙන ආ අතීත දායාදයන් අනාගතය කරා රැගෙන යනු වස් තෝරාගත් හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍ර 11 ක් පිළිබඳ පුළුල් ගවේෂණ කරන ලදී. පහත සඳහන් හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 11 පිළිබඳ තොරතුරු එක් රැස් කර ඇති අතර ඒවා තොරතුරු ග්‍රන්ථ හා සංයුක්ත තැටි ඔස්සේ සංරක්ෂණය කිරීමට ජාතික ශිල්ප සභාව කටයුතු කර ඇත. |
| 4 |
සේසත් |
| 4 |
දැව මූර්ති |
| 4 |
දැව කැටයම් |
| 4 |
හණ සහ දුම්බර රටා |
| 4 |
ලාක්ෂා |
| 4 |
දේශීය සංගීත භාණ්ඩ |
| 4 |
රෙදි පිළි, ආභරණ |
| 4 |
පන් කර්මාන්තය |
| 4 |
වෙස් මුහුණු හා රූකඩ කලාව |
| 4 |
රතු මැටි සහ දිස්න මැටි |
|
|
| 4.2. |
හස්ත කර්මාන්ත වර්ගීකරණය හා ප්‍රමිතිකරණය. |
|
මෙතෙක් කල් පැවති හස්ත කර්මාන්ත වර්ගීකරණය හේතුවෙන් ශිල්පීන් රාශියකට මෙම ක්‍ෂේත්‍රය තුල ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථා ඇහිරී ඇති බව අවබෝධ කර ගත් ජාතික ශිල්ප සභාව, සෞන්දර්ය විශ්ව විද්‍යාලය හා මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා අධ්‍යයන අංශය සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් පළාත් 08 ක වැඩමුළු පවත්වමින් ශිල්පීන් 1500 ක් පමණ දෙනෙකුගෙන් ලබා ගත් අදහස් හා යෝජනා අනුව හස්ත කර්මාන්ත වර්ගීකරණය පුළුල් කර ඇත. ඒ අනුව එම කොටස් 16 උප කොටස් 44 කටත් වෙන් කරමින් පුළුල් ලෙස ප්‍රතිලාභී අවස්ථා වැඩි කර ඇත. |
|
|
| 4.3. |
හස්ත කර්මාන්ත ක්‌ෂේත්‍රය සඳහා පාසල් සිසුන් නැඹුරු කරවීම. |
|
අනාගත පරපුර හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රය කෙරෙහි නැඹුරු කරවීමේ පරමාර්ථයෙන් දිස්ත්‍රික් වශයෙන් තෝරා ගන්නා ලද පාසල් වල සිසුන්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා දීමට කටයුතු කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාසල් හැරයන සිසුන් හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට යොමු කිරීමට හැකිවීම හා ජාතික ප්‍රදර්ශනයට සමගාමීව පාසල් තරඟ අංශයක් ඇති කිරීම ජාතික ශිල්ප සභාව ලද ජයග්‍රහණයකි. |
|
|
|
| 05. |
තොරතුරු තාක්ෂණය |
|
මාධ්‍ය තොරතුරු සහ පුස්තකාල ගොඩනැගිල්ල ඉඳි කිරීම |
|
අමාත්‍යාංශය ලබාගත්, රුපියල් මිලියන 4 ක ප්‍රතිපාදන යටතේ 2006.01.21 දින ගරු අමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් මුල්ගල තබා ඉඳි කිරීම ආරම්භනරන ලදී.ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය මාධ්‍ය භාවිතා කරමින් හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ තොරතුරු සෙවීමේ නියලෙන ඕනෑම අයෙකුට තොරතුරු ලබා ගැනීමට හැකි ආකාරයට දත්ත ගබඩාවක් සහ වෙබ් අඩවියක් සකස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත. |
|
|
|
ආයතනයේ ලිපිනය
|
ප්‍රධාන කාර්යාලය |
ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය, පැලවත්ත. බත්තරමුල්ල. |
|
දකුණු පළාත් කාර්යාලය |
සිප්හාරා හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය, බාලදක්ෂ මාවත, කොටුව, ගාල්ල. |
|
මධ්‍යම පළාත් කාර්යාලය |
කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, ගැටඹේ, පේරාදෙණිය. |
|
වයඹ පළාත් කාර්යාලය |
පළාත් සභා සංකීර්ණය, ලංකා බැංකු උඩු මහල, කුරුණෑගල. |
|
ඌව පළාත් කාර්යාලය |
කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, ඌව පළාත් සභා ගොඩනැගිල්ල, මහවීදිය, බදුල්ල. |
|
උතුරු මැද පළාත් කාර්යාලය |
කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, ලේකම් කාර්යාලය, අනුරාධපුරය. |
|
සබරගමුව පළාත් කාර්යාලය |
කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, රතඹලාවත්ත, කෑගල්ල. |
|
|
ආයතනයේ ප්‍රධාන දුරකථන අංක |
|
සභාපති |
0112-784425 |
|
අධ්‍යක්ෂ |
0112-784441 |
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) |
0112-784424 |
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) |
0112-787954 |
|
පොදු |
0112-785381 |
|
මාධ්‍යය ඒකකය |
0112-785933 | |