New Page 1
| ජනකලා කේන්ද්‍රය විසින් සපයන
ප්‍රධාන සේවාවන් |
ජනකලා කේන්ද්‍රය තුළ පවත්වනු ලබන පාඨමාලා
ජනකලා කේන්ද්‍රය මගින් පූර්ණ කාලීන
පාඨමාලා 12 ක් සහ සති අන්ත පාඨමාලා 3ක් පැවැත්වේ. සති අන්ත පාඨමාලා සඳහා
මුදල් අයකිරීමක් නොකෙරේ.
වෘත්තීය පාඨමාලා
1.
ලී කැටයම්/ පසාරු කැටයම්/ මූර්ති හා වෙස්
මුහුණු කර්මාන්තය
- පූර්ණ කාලීන මාස 06
2.
පොල්කටු ආශ්‍රිත විසිතුරු නිර්මාණ සැකසීම
සහ ලාක්ෂා කර්මාන්තය
- පූර්ණ කාලීන මාස 03
3.
මැණික් කැපීම, ඔප දැමීම, මැණික් වර්ග හඳුනා
ගැනීම හා තක්සේරුව
පිළිබඳ
පාඨමාලාව - පූර්ණ
කාලීන මාස 06
4.
සෙරමික් කලාත්මක භාණ්ඩ හා විසිතුරු රතු
මැටි භාණ්ඩ නිෂ්පාදනය
- පූර්ණ කාලීන මාස 06
5.
සම් ආශ්‍රිත පාවහන්,බෑග්, බිත්ති සැරසිලි
හා වෙනත් නිර්මාණ
- පූර්ණ කාලීන මාස 03
6.
පොල් කෙඳි
ආශ්‍රිත පාපිසි, බිත්ති සැරසිලි නිර්මාණ
- පූර්ණ කාලීන මාස 03
7.
බීරළු රේන්ද හා එම්බ්‍රොයිඩර්
පාඨමාලාව - පූර්ණ කාලීන මාස 06
8.
අත්යන්ත්‍ර රෙදිපිළි හා ඒ ආශ්‍රිත
නිෂ්පාදන පුහුණුව - පූර්ණ කාලීන අවුරුදු 01
9.
බතික් පුහුණු පාඨමාලාව
- පූර්ණ කාලීන මාස 06
සෞන්දර්ය පාඨමාලා
1. නර්තනය උඩරට/පහතරට/සබරගමු
- පූර්ණ කාලීන අවු. 01
2. සංගීතය ගායනය /
වාදනය - පූර්ණ කාලීන
අවු. 01
3. චිත්‍ර හා
මූර්ති
- පූර්ණ කාලීන අවු. 01
සති අන්ත පාඨමාලා
1. බතික් කර්මාන්තය
2. නර්තනය
උඩරට -
සෙනසුරාදා පෙරවරු
3. සංගීතය ගායනය හා වාදනය
- ,,
සෞන්දර්යය පාඨමාලා සඳහා
අ.පො.ස. උසස් පෙළ සමත් වයස අවු. 17 –
30 ත් අතර තරුණ තරුණියන්ද වෘත්තීය පාඨමාලා සඳහා
දහය වසර සමත් වූවන්ද බඳවා
ගනු ලැබේ.
තරුණ පරපුර
සඳහා
පාරම්පරික ශිල්ප ක්‍රම හදුන්වා දීම සහ වෘත්තීය පාඨමාලා මගින් ස්වයං රැකියා සඳහා
දැනුම ලබා දීම තුළින් අනාගතයේ හොඳ
පුරවැසියන් බිහි කිරීම මුඛ්‍ය පරමාර්ථය වේ.
ජනකලා කේන්ද්‍රය නව රඟහල
නවීන ශබ්ද පහසුකම් සහිතව 700ක් සඳහා
ආසන පහසුකම් ලබා දිය හැකි රංග ශාලාවක් ආරම්භ කර ඇති අතර නාට්‍ය දර්ශන නර්තන, සංගීත
ප්‍රසංග, රජයේ හා පෞද්ගලික අංශයේ වැඩමුලු පැවැත්වීමේ අවස්ථාව සලසා ඇත. අවශ්‍ය පමණ
වාහන නැවැත්වීමේ පහසුකම් සහිත රංග ශාලාව බාහිර අය සඳහා
වෙන්කර ගැනීමේ හැකියාව ඇත.
ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය තුළ ජාතික ශිල්ප
සභාව මෙහෙයවන ශිල්ප ගම්මානය, ලක්සල අලෙවි මධ්‍යස්ථානය හා හස්ත කර්මාන්ත මිලදී
ගැනීමේ සහ ඒවා නිෂ්පාදනය කිරීම, පුහුණුව ලැබීම පිළිබඳව
දැක බලා ගැනීම පිණිස පහසුකම් සලස්වා ඇත. හස්ත කර්මාන්ත නිෂ්පාදන මිලදීගැනීම පිණිස
අලෙවි මධ්‍යස්ථානයක් ලෙසද ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය ක්‍රියාත්මක වේ.
සේවා භාර
මාණ්ඩලික නිලධාරින්
|
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
|
අධ්‍යක්ෂ |
දයා ධර්මසිරි |
ජනකලා කේන්ද්‍රය |
0112-786716 |
0112-786716 |
folkartcesl@slt.lk |