සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
ග්‍රාමීය කර්මාන්ත හා නිෂ්පාදන ගම්මාන සංවර්ධනයේ ජාතික වැඩසටහන
ස්වයං රැකියා ප්‍රවර්ධන ඒකකය
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන අරමුදල
වෙළද සල්පිල් ප්‍රදර්ශන සහ ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය
සොයන්න
ග්‍රාමීය කර්මාන්ත හා නිෂ්පාදන ගම්මාන සංවර්ධනයේ ජාතික වැඩසටහන
ව්‍යාපෘතියේ පරමාර්ථ
4 දළ ජාතික නිෂ්පාදිතයට ග්‍රමීය කර්මාන්ත අංශයේ දායකත්වය
4 ග්‍රාමීය ආර්ථිකයේ දැනට පවතින රැකියා වියුක්‌තිය පිළිබඳ උග්‍ර ප්‍රාග්ධනයට විසදුම් සෙවීම
4 දේශීය සම්පත් යොදා ගනිමින් අඩු මිලට තරගකාරීත්වයක් ඇතිව විදේශ වෙළඳපොලට ඇතුල් වීමට නිෂ්පාදකයාට හැකියාව ලබා දෙන ආකාරයේ භාණ්ඩ නිෂ්පාදනය මගින් විදේශ විනිමය උපයා ගැනීම.
4 දැනට ආනයනය කරනු ලබන භාණ්ඩ දේශීය සම්පත් හා තාකෂණය යොදා ගෙන නිෂ්පාදනය කල හැකි අයිතම අතුරින් හදුනා ගනිමින් ඒවා නිෂ්පාදනය කිරීම මගින් විදේශ විනිමය ඉතිරි කර ගැනීම.

ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්

  1. නවීන තාක්ෂණය සැපයීම
    වෙළඳපොළ අවශ්‍යතා සපුරාලීමට භාණ්ඩ හා අයිතම නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය මෙම පහසුකම යටතේ කර්මාන්ත කරුවන්ට සපයනු ලැබේ.
  2. යන්ත්‍රසූත්‍ර හා උපකරණ සැපයීම
    වෙළඳපොළ අවශ්‍යතා සපුරාලීමට හැකිවෙන පරිදි නවීන තාක්ෂණය යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා උපකරණ මෙම ක්‍රියාකාරකම යටතේ සපයනු ලැබේ. ඒ අනුව එක් එක් අර්ථ ලාභියාට අඩු පිරිවැය අයිතම පෞද්ගලිකව පාවිච්චි කිරීමට සපයනු ලැබේ. ඉහල පිරිවැය අයිතම සපයනු ලබන්නේ පොදුවේ පාවිච්චි කිරීම සඳහා ව්‍යාපෘතිය විසින් පිහිටුවා ඇති පොදු පහසුකම් මධ්‍යස්ථාන වලටය.
  3. යටිතල ව්‍යහ සංවර්ධනය
    අදාල ගම්මාන වෙළඳපොළට සම්බන්ධ කිරීමට හැකි වන පරිදි නගර වලින් දුර බැහැර පිහිටි ඈත නිෂ්පාදන ගම්මානවල පාරවල් සංවර්ධනය කර එම ගම්මානවලට විදුලි බලය සපයනු ලැබේ.
  4. වෙළඳපොළ සම්බන්ධතා ගොඩනැගුම
    අදාල අය ඵලදායී ලෙස දේශීය හා විදේශ වෙළඳපොළට සම්බන්ධ කිරීම මගින් මෙම ක්‍රියාකාරකම යටතේ කර්මාන්තකරුවන්ට වෙළඳපොළ අවස්ථා හා පහසුකම් සපයනු ලැබේ.
  5. ආකල්ප වෙනස් කිරීම
    මෙම වැඩසටහන් පිලියෙළ කරනු ලබන්නේ ධනාත්මක චින්තනය සංවර්ධනය කර සෘණ චින්තනය හා සාම්ප්‍රදායික කර්මාන්ත ගම්මානවල ශිල්පීන් අතර දක්නට ලැබෙන ආකල්ප නැති කිරීමේ පරමාර්ථයෙන්ය. එසේම කර්මාන්තය හා කාර්මික ශිල්පීන් පිළිබඳව අභිමානයක් හා ගරුත්වයක් ඇතිකිරීමටද එමගින් අදහස් කරනු ලැබේ.
  6. ණය පහසුකම් සැපයීම
    ග්‍රාමීය ප්‍රදේශ වල කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට මුහුණ පෑමට සිදුවී ඇති ප්‍රධාන ගැටළු වලින් එකක් වනුයේ ස්වකීය කර්මාන්ත ප්‍රශස්ත මට්ටමෙන් පවත්වාගෙන යෑමට මූල්‍ය පහසුකම් හිඟකමය. නිෂ්පාදන ගම්මාන වලට බලපාන මෙම ප්‍රශ්ණය විසඳීම සඳහා සමූපකාර සමිති මගින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් මත හවුල් වැඩසසටහනක් හදුන්වා දී ඇත. එමගින් ජාතික සංවර්ධනය භාර අරමුදලේ සහාය ඇතිව අඩු පොලී අනුපාතයක් මත ණය පහසුකම් සපයන අර්ථලාභීන්ට ණය පහසුකම් සපයන්නේ සමූපකාර සමිති මගින්ය.
Downloads
කර්මාන්ත ගම්මාන ලැයිස්තුව
  ඊ ෆියුශන නිමවුමක 2006/2007
ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය
වඩා හොදින් බැලීමට 1024 X 768
Sinhala Fonts
Tamil Fonts

නිමවුම් සම්බන්ධීකරනය